ටයිටැනික් නැවේ නොවිසඳුණු අභිරහස්.....
1. ඇත්තටම ගිලුනෙ මොකක්ද??
1. ඇත්තටම ගිලුනෙ මොකක්ද??
මේක නම් ටිකක් විතර හිතන්න වෙන කරුණක්. ටයිටැනික් හදන්න අවුරුද්දක් කලින් ටයිටැනික් හදන නැව් සමාගම හැදුව නැවක් Olympic කියලා. ඒ නැව යාත්‍රා කරද්දි වෙච්චි අනතුරකින් නැවේ බද හානි වෙනවා. නමුත් රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. මේක ලොකු පාඩුවක් මේ සමාගමට. ඉතින් එයාල හැදුවා නැවක් අර Olympic නැවේම කපාපු පලුව MRS Titanic. (පලවෙනියට තියෙන්නේ ඒ Olympic නැව හා MRS Titanic නැව. කෝමද එක වගෙ නේද??) ඉතින් මේ සමාගම වෙච්ච පාඩුව වෙනුවෙන් ටයිටැනික් වෙනුවට අර ඔලිම්පික් නැවේ ටයිටැනික් කියල ගහල ඇත්ත ටයිටැනික් නැව මුහද මැද ඔලිම්පික් නැවේ නම ගහල ඈතින් තියනවා. එතකොට අර ඔලිම්පික් නැව ටයිටැනික් වගේ සෙනග අරන් ඇවිත් ප්ලෑන් කරපු විදිහට හප්පනවා. එතකොට ඇත්ත ටයිටැනික් නැව ඇවිත් කට්ටියව බේර ගන්නවා. ඉන්ෂුවරන්ස් එකත් ටයිටැනික් නැව ගිලුන කියල හිතල ගෙවනවා. එතකොට ගොඩ.
නමුත් වැඩේ ගැස්සෙනවා. මොකද ඔලිම්පික් කලින්ම ඩැමෙජ් වෙලා නිසා හිතුවට වඩා කලින් ගිලෙනවා. ඒ නිසා ඇත්ත ටයිටැනික්ට් වෙලාව මදි වෙනවා කට්ටියව බේර ගන්න එන්න.

2.නැවේ කලින් වෙච්ච ගින්නක්
දෙවෙනි හා තුන් වෙනි ඡායාරූප බලන්න. නැවේ දකුණු බදේ මීටර් 30ක් විතර දිග ඉරක් කලු පාටින් පේනවා. ඔක වෙලා තියෙන්නෙ නැව හදනකොට ඇති වුන ගින්නකින්ලු නැව පිටත් වෙන්න කලිනුත් ඕක ගැන තැකීමක් කරලා නෑ. නැවේ බද මේක නිසා ගොඩක් දුර්වල වෙලාලු. හරියටම් කිව්වොත් ගින්නට හසු වූ බද ප්‍රදේශයේ ගක්තිය 75°/. කින් අඩුවෙලාලු.( මෑතකදී කල පර්යේෂණ වාර්තාවලට අනුව) එනිසාලු අයිස් කුට්ටිය වැදුණ ගමන් ගිලුනෙ.( අයිස් කුට්ටිය වදිනෙත් දකුනු පැත්තේ )
* ගොඩක් අය කියනවා මේ ඔලිම්පික් නැව ටයිටැනික් වගේ පාට කරලා කියලා. මොකද ඔලිම්පික් නැවත් කලින් වැදිලා තියෙන්නෙ දකුනු බද නිසා.

3. නැව ශාපයකට ලක් වෙලාද?
ගොඩක් අය කියන්නේ ටයිටැනික් නැව ගිලුනෙ ඒකෙ තිබ්බ "අමුන් රා" නැමැති පාරාවෝ රැජිණගෙ මමිය නිසා කියලා. ඒ මමිය සම්බන්ධ විශාල අවාසනාවන්ත සිදුවීම් රාශියක් තියනවා ඒවා වෙනම ලියන්නම්.

අදට මෙච්චරයි . තවත් අභිරහසකින් හමු වෙමු.
මම ගියා.
මම ගියා.
TNDROYAL®